ඉදිරියේදී පැවැත්වෙන විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනසක්

0
691

ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

කොවිඩ් වසංගත තත්වය නිසා දිගු කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වූ බැවින් මෙම තීරණය ගත් බව ඔහු කීවේය.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේදී ඇගයෙන විෂය කරුණු තීරණය කර සිසුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශිෂ්‍යත්ව විභාගයේදී ඇගයීමට ලක්වන විෂය ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඉදිරියේදී චක්‍රලේඛයක් ලෙස නිකුත් කරන බවද ඔහු පැවසීය.

ඒ සම්බන්ධව දැනටමත් ගණනයන් කර ඇතැයි කී ධර්මසේන මහතා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳවත් අදාළ කමිටු මගින් අධ්‍යයනය කරමින් පවතින බව කීවේය.

මෙහිදී සිදුවන්නේ ප්‍රශ්න පත්‍ර ලිහිල් කිරීමක් නොවන බව ද ධර්මසේන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here