ඉදිරියේදී මෙරටට ජාත්‍යන්තර බලපෑම් වැඩිවෙයි – ජී.එල්. පීරිස්

0
460

යෝජිත අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය හරහා ඉදිරියේදී මෙරටට ජාත්‍යන්තර බලපෑම් රැසක් එල්ල විය හැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඊයේ(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස්  දැක්වු මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ යුධ හමුදා සාමාජිකයින්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවේ  ද අනුමැතිය ඇතිව යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි.

කෙසේවෙතත් අද විදේශ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ හමුදා සාමාජිකයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව ජාත්‍යන්තරයට ශ්‍රී ලංකා රජය කිසිදු පොරොන්දුවක් ලබා දී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here