ඉදිරියේදී ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක්

0
488

ලංකාව ආසන්නයේ භූමි කලාපයේ ඉතා විශාල භූමිකම්පාවක් සිදුවීමට ඉදිරියේදී ඉඩ තියෙන බව‍ ඉන්දු ඕස්ට්‍රේලියා භූ තලය මැදින් වෙන්වෙන ලක්ෂණ කාලයක් තිස්‌සේ පෙන්නුම් කරන බවත් එය සෙමින් සෙමින් සිදුවන බව‍ත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ලංකාවෙි භූමිකම්පන පිළිබද දත්ත ලබා ගැනීමට ඇත්තේ උපකරණ 4 ක්‌ බවත් එය කිසිසෙත්ම ප්‍රමාණයවත් නොවන බවද ඔහු පැවසිය.

මේ පිළිබඳව අදාළ අංශවල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි අවධානයක් යොමුකර නැතැයිද ඔහු සඳහන් කළේය.ලංකාව ආශ්‍රිත භූමි කලාපයේ සිදුවිය හැකි භූමි කම්පාව ඇතිවන කාලය සහ විශාලත්වය පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට නම් අඩුම තරමේ උපකරණ පද්ධතියක් සවිකළ යුතු බවත්, රජයක් ලෙස එය ස්ථාපිත කිරීමට පියවර ගතයුතු බවද ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here