Thursday, January 23, 2025

ඉදිරියේදී , වසරක් පාසා කොවිඩ් එන්නත ලබාගැනීමට සිදුවේවිද ?

එන්නත්කරණය මඟින් බලාපොරොත්තු වන්නේ කොරෝනා ව්‍යාප්තිය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් තත්වයට පත්කිරීම බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍ අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

ඉදිරියේදී වැඩි වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයින්ට හා නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට වසරක් පාසා කොවිඩ් එන්නත ලබාදීමටද  සිදුවිය හැකි බවද ඇය ප්‍රකාශ කර සිටී .

වයස අවුරුදු 50ට වැඩි හා නිධන්ගත රෝග ඇති අයට  කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීම සුදුසු බව මෙරට වෛද්‍ය කමිටු හරහාද නිර්දේශ කර ඇතැයි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය

ෆයිසර් හා අස්ට්‍රසේනිකා එන්නත්වල දෙවන මාත්‍රාවෙන් ලැබෙන ආරක්ෂාවද මාස හයකට පමණ පසු යම් මට්ටමකින්  අඩුවන්නේයැයි  ඇතැම් රටවල වෛද්‍ය කමිටු  සඳහන් කර ඇති බවත් ඒ අනුව එම එන්නත්වල දෙවන මාත්රආවෙන් මාස හයකට පසුව තෙවන මාත්‍රාවක් ලබාදීම සුදුසුය යන්න  එම කමිටු නිර්දේශ කර ඇති බවත් මලවිගේ මහත්මිය පැවසීය .

අද වන විට ලොව ප්‍රමුඛතම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වී ඇති බවත් අන් සියලු ප්‍රභේද සියයට එකක් තරම් පහල බැස ඇති බවත් ඇය පැවසුවාය.

ඉදිරියේදී කොරෝනා එන්නද වසරක් පාසා ඇතැම් කාණ්ඩ වලට ලබා දීමට සිදුවනු ඇතැයිද ඇය කියා සිටී.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles