Monday, January 13, 2025

ඉදිරියේදී විදුලි බලයෙන් දුවන වාහන මෙරටට ගෙන්වීම සදහා ප්‍රමුඛතාවය දෙන බව ජනපති කියයි

ඉදිරියේදී මෙරටට වාහන ආනයනය කිරීමේදී විදුලි බලයෙන් ධාවනය වන වාහන ගෙන්වීම සදහා ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ජනාධිපතිවරයා පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, එම වාහන සඳහා විදුලිය ලබා ගැනීමේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සැලසුම් කළ යුතු බවය.

“වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් සියයට 20ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් සියයට 70ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා සියයට 21 ක් පමණ වැයවෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ සියයට 4ක් පමණයි. ඉදිරියේ දී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි.” යැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ වන විට ආරම්භ වී ඇති අතර, එහි රාජාසන කතාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles