ඉදිරියේදී සියලුම සරසවි සිසුන් විශ්වවිද්‍යාල වලට කැඳවීමේ සූදානමක් – UGC

0
293

දැනට පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ධාරිතාවයෙන් යුතුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත් මේ වනවිටත් සියයට 50 ක ධාරිතාවයකින් යුතුව ශිෂ්‍යයින් සරසවි සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහෙත් සම්පූර්ණ ධාරිතාවයෙන් වහාම විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, විභාග පැවැත්වීම හා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු මෙන්ම නවක සිසුන් බඳවා ගැනීම් ආදී කටයුතු ද මේ වනවිට විශ්වවිද්‍යාල තුළ සිදු කරමින් පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here