Saturday, September 21, 2024

ඉදිරි දශකයේදී නිවාස අවශ්‍යතා සම්පූර්ණ කරනවා

ඉදිරි දශකයේදී සියලු ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අභිලාෂයෙන් රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

අදට (03) යෙදෙන ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් සුබපැතුම් එක්කරමින් ජනාධිපතිතුමා එසේ කියා සිටියි.

ජනාධිපතිතුමා විසින් නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ. සතුන්ට තණබිම් සොයමින් එඩේර යුගයක් ගත කළ මිනිසා ගංගා නිම්න ආශ්‍රිතව තම ජනාවාස තනා ගත්තේ තම පවුලේ සුරක්ෂිතතාව පිළිබඳව ගැඹුරු අවධානයක් යොමුකිරීමේ ප්‍රතිඵලයක් ද ලෙසටය.

එතැන් පටන් මුළු මහත් මානව වර්ගයාගේ සංවර්ධනයේ කේන්ද්‍රීය ඒකකය වූයේ නිවසයි. එසේම මානව කේන්ද්‍රීයව පැන නගින ආර්ථික, සමාජයීය මෙන්ම අධ්‍යාත්මික ගැටලු නිරාකරණය කිරීමේ ප්‍රමුඛ සාධකය බවට නිවාස පත්ව තිබේ. 2016 ඔක්තෝම්බර් මස තුන් වන දාට යෙදෙන ලෝක ජනාවාස දිනය සැමරීම වෙනුවෙන් “නිවාසකරණය මුල් තැනට” යන තේමාව මෙවර ජගත් ප්‍රජාව විසින් තෝරාගෙන ඇත්තේ නිවාස සහ මානව සංවර්ධනය අතර ඇති මෙම ගැඹුරු සම්බන්ධය සාකච්ඡාවට ගනිමිනි.

එම ගැඹුරු සම්බන්ධය මැනවින් තේරුම් ගනිමින්,සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අභිලාෂයෙන් කටයුතු කරන අපගේ රජය, ඉදිරි දශකයේදී නිවාස සංවර්ධන ඉලක්කයේ වේගවත් ඉදිරි පියවරක් තැබීමේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරයි. නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වනසේ සැලසුම් කොට ඇති මෙම නිවාස ව්‍යාපෘති, සුරක්ෂිත පවුලක් තහවුරු කර ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසනු ඇති බව මගේ දැඩි විශ්වාසයයි.

එම දිගු කාලීන ඉලක්කය වෙනුවෙන් ධෛර්යයෙන් යුතුව කැපවන සියලු නිලයන්ට මගේ ප්‍රණාමය පළකරන අතර, ලෝක ජනාවාස දිනය වෙනුවෙන් සංවිධානය කොට ඇති වැඩසටහන් වෙත මගේ සුබ පැතුම් පළ කරමි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles