Friday, September 20, 2024

ඉදිරි දින තුනේ කෝච්චි දුවයිද?

ජුනි 21 වැනි දින සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු 23 වැනිදා දක්වා දුම්රිය ධාවනය සිදුකිරීමට ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එසේ නමුත් මාසයකට අධික කාලයක් ධාවනයෙන් වැළකුණු දුම්රිය එක්වර ධාවනය කිරීමේ ප්‍රායෝගික ගැටලු ගණනාවක් පැනනැගී ඇත. ජනතාව ගෙනයාම සම්බන්ධයෙන් පූර්ව උපදේශ පවා නිකුත් කර නොමැත. එවැනි තත්ත්වයක් හමුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මේ පිළිබඳ දක්වා ඇත්තේ මෙවැනි අදහසකි…

”බලධරයින් දීර්ඝ නිද්‍රාවකින් අවදිවෙමින් සිටියි.
21 රට විවෘත කරන බව සැලවූ වහාම කඩිමුඩියේ “අපි ready” කියන්නට වාගේ කාලසටහනක් ප්‍රසිද්ධියට පත්කර ඇත. ඒ අනුව සඳුදා සිට දුම්රිය ධාවනයට නියමිතව ඇත.

⚠️️ එසේ ධාවනයට නියමිත දුම්රිය මැදිරි, එන්ජින්, දුම්රිය ස්ථාන විෂබීජහරණය කර තිබේද? එහි සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ වගකීම කවුරුන් විසින් දරනු ලබයිද?

⚠️️ කැළණිවැලි මාර්ගය වැනි මාර්ග සම්පූර්ණයෙන් වල්බිහිවී වැසී ඇති තත්වයක, අනෙක් මාර්ගද පූර්ණ කාලීනව දුම්රිය ධාවනය නොවූ බැවින්ද මාර්ගවල ආරක්ෂාව, සංඥා පිළිබඳ නිශ්චිත තහවුරුව කවුරුන් විසින් සිදුකර තිබේද?

⚠️️ ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්ථාවී ඇති අතර බහුතර දුම්රිය සේවකයින්ගේ නිල නිවාස, දුම්රිය අංගන, ධාවනාගාර ද පිහිටා ඇත්තේ එම ප්‍රදේශයේ සහ ඒ හා අවටය. ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ඔවුන් සෘජුවම සම්බන්ධ වන මගී ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ වගකීම කවුරුන් විසින් බාරගනු ලබයිද?

⚠️️ මෙම කරුණු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී(ආවරණ) තුමා තීරණ ලබාගෙන ඇත්තේ සොයා බැලීමෙන් අනතුරුවද? අනෙකුත් දුම්රිය බලධාරීන් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වගකීම දරණු ලබයිද?

යන ප්‍රශ්න වලට සාධාරණ පිළිතුරු ඔවුන් අපේක්ෂා කරති. එසේ නොමැතිව තවත් දුම්රිය පොකුරකට අතවැනීම ප්‍රශ්ණයක් බව ඔවුහු පවසති

දැනට නියමිත කාලසටහන

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles