ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සමිබන්ධයෙන් තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගන්නවා

0
650

ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගන්නා බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු අද මහනුවරදී මේ බව ප්‍රකාශ කළා.

අයවැය හුදු ලේඛනයක් පමණක් බව පැවසූ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා එහි ඇති යථාර්ථය මහ මගට ගිය විට දකින්න ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ

ඉදිරි මැතිවරණවල දී තරග කළ යුතු ආකාරය ගැන පක්ෂ අභ්‍යන්තරය තුළ බරපතළ සාකච්ඡාවක් සිදු වන බවද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙහිදී ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here