Monday, December 23, 2024

ඉදිරි පැය කිහිපයේදී ප්‍රදේශ රැසකට 150 mm පමණ වැසි ඇතිවිය හැකි බවට කාලගුණයෙන් අනාවැකි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ඉදිරි පැය කිහිපයේදී මිලි මීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් එලෙස තද වැසි ඇති විය හැකියි.

වයඹ සහ උතුරු පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සදහන්.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles