ඉදිරි පියවර ගැන යු‍රෝපය අවදියෙන්

0
537

වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී. ප්ලස්) නැවත ලබාදීමේ තීන්දුව ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ය‍ටතේ ඇතිවූ ප්‍රගතිගාමී තත්ත්වය දිරිමත් කිරීමක් වන හෙයින් දැනට ඇති ඇතැම් අහිතකර තත්ත්වයන් වෙනස් කිරීමට ගන්නා පියවර පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් පසු වන බව යු‍‍රෝපා සංගම් ‍වෙළෙඳ කොමසාරිස් සිල්වියා මැල්ස්ට්‍රෝම් ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් 2017 මැයි 17 දා ඇය නිකුත් කළ නිවේදනයට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කර සාධාරණ නීතියක් සම්පාදනය කිරීම හා ජනවර්ග අතර වෙනස් කොට සැලකීමේ සිදුවීම් අත හැරීම ඇතුළු පියවර ගණනාවක් සම්බන්ධයෙන් රජයේ සැලකිල්ල අපේක්ෂා කෙරේ.

ජී.එස්.පී. බදු සහනය ලැබීම ඔස්සේ ආර්ථික විවිධාංගීකරණය මඟින් එහි ප්‍රතිලාභ පුළුල් කර ගැනීම හා දිළිඳු බවෙහි ගැලී සිටින ජන තීරුවලට එම ප්‍රතිලාභ ගලා යෑමට සැලැස්වීම පිළිබඳවත් යුරෝපා සංගමය සැලකිලිමත් වන බව ද සිල්වියා මැල්ක්ට්‍රෝම් සඳහන් කරයි‍‍. මැයි මස 22 දා සිට ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා 66% ක බදු සහනයක් ලැබීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here