Thursday, January 16, 2025

ඉදිරි මාස 03 සඳහා විදුලි කප්පාදුවකට අනුමැතිය දෙන්නේද ? තීරණය අද

ඉදිරි මාස 03 සඳහා විදුලි කප්පාදුවකට අනුමැතිය ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය කල ඉල්ලීම සඳහා අවසර ලබාදෙන්නේද යන්න අද දිනයේදී තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ලබන සඳුදා තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇති බවයි.

මෙි අතර විදුලිය අරපරිස්සමින් භාවිතා නොකළහොත් ඉදිරි මාස තුනේදී විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඉදිරි මාස තුනක කාලයේදී විදුලි කප්පාදුවක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇතැයි ද විදුලිය අරපරිස්සමින් පාවිච්චි නොකළහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ද ඒ මහතා කීය.

පවතින තත්ත්වය නිසා යළි දැනුම්දෙනතුරු සවස 6.00 සිට රාත‍්‍රි 10.00 වනතුරු විදුලි පරිභෝජනය අවම මට්ටමින් පවත්වාගෙන යෑමට විදුලි පාරිභෝගිකයන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ් මහතා කීය.

විදුලි උදුන්, රෙදි සෝදන යන්ත‍්‍ර, වායු සමීකරණ භාවිතයෙන් ඉවත් වී සිටින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

වීදි පහන් ලක්‍ෂ පහක් පමණ රාත‍්‍රියකට දල්වන බවත්, ඒ වෙනුවෙන් දිනකට මෙගාවොට් 50 ක් වැය වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

වීදි පහන්වලින් සියයට අසූවක් නිවා දමන ලෙස ද ව්‍යාපාරික ස්ථානවල වායුසමන යන්ත‍්‍ර දිනකට පැය හතරක කාලයකට ජෙනරේටර් මගින් බලගන්වා ගන්නා ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. නොඑසේ නම් ලංවිම ඉල්ලා ඇති පරිදි විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ද ඒ මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles