Friday, January 24, 2025

ඉදිරි මාස 6යේ රට දුවන්න නව ආර්ථික සැලැස්මක්

මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම අද (01) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවය.

රටේ සියලු  ප්‍රධාන අංශ ආවරණය කරමින් සය මාසික සැලැස්ම කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයේ දැක්වේ.

මේ අතර අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා එම උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles