ඉදිරි මැතිවරණයකදී 69 ලක්‍ෂය 79 ලක්‍ෂයක් වෙනවා – ජානක වක්කුඹුර

0
281

පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු 69 ලක්‍ෂයක ජන වරම ඉදිරි මැතිවරණයකදී 79 ලක්ෂය දක්වා ඉහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන බව ද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

සේවක අර්ථසාධක අරමුදල යටත් කර ඇති බදු කෙටුම්පත තුල අහිතකර යෝජනා ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට රජය සූදානම් බවද හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here