ඉදිරි සතියේදී දින 05 ක් පාර්ලිමේන්තුව රැස්වෙයි

0
347

එ‍ළඹෙන සතියේදී දින 05 ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා (04) සිට සිකුරාදා (08) දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වේ. පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව තීරණය කර ඇත.

ලබන සඳුදා සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා පමණක් වෙන් කිරීමටද පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය මාස දෙක තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා කිරීමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here