“ඉදිරි සති දෙක තුන ඉතා පරිස්සමෙන් ගත කල යුතු කාලයක්” – විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන

0
351

අද වන විට රටේ පවතින තත්ත්වය අනුව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ඉදිරි දින කිහිපයේදී සුබදායි නොවන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා Twitter සටහනක් තබමින් සඳහන් කරනවා.

කොවිඩ් වෛරසය සහ ඩෙංගු රෝගය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

පුද්ගලයෙකු යම් අයුරකින් රෝග ලක්ෂණ තිබේනම් සැඟවී නොසිට රෝහලට පැමිණීමෙන් අදාළ රෝගියාගේ පමණක් නොව අන් අයගේ ජීවිතද බේරා ගැනීමට හැකිවන බවයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා සඳහන් කළේ.

රටේ සිදුවන එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ජනතාව උනන්දු විය යුතු බවත් හොඳම එන්නත ලැබීමට කල් මැරීමෙන් සිදුවන්නේ වෛරසයට ගොදුරුවීමේ ඇති හැකියාව වැඩිවීමක් බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා සඳහන් කළේ.

නිධන්ගත රෝග ඇතුළුව අවුරුදු 60ට වැඩි වයස්ගත පුද්ගලයින් අනිවාර්යෙන්ම කොවිඩ් එන්නත ලබා ගැනීම අප්‍රමාදව සිදුකර ගත යුතු බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here