ඉන්දියානු B 1.617 ඩෙල්ටා වෛරසය ආසාදිත පුද්ගලයෙකු මෙරටින් හඳුනා ගැනේ.

0
518

ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.617.2 (ඩෙල්ටා) කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් තුලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ඉන්දියානු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මෙරටින් හමුවූ දෙවන අවස්ථාව මෙය වෙයි

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සේවකයින් පිරිසකට ද B.1.1.7 (ඇල්ෆා) බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා සිටි පුද්ගලයින් වනවා. මේ වන විට ඔවුන් සියලු දෙනා සුවය ලබා ඇති බවයි බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here