ඉන්දියාවෙන් ගත් මුදල් කලට වේලාවට බේරුවා – මහ බැංකුව

0
351

දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබා ගන්න ලද විනිමය හුවමාරු පහසුකම නිසි කලට පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

අදාළ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබා ගත් මුදල් කලින් පියවන ලෙස ඉන්දියාව ඉල්ලීමක් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here