ඉන්දියාවේ පොහොර හොදයි.ඒවා ගේනවා

0
330

ඉන්දියාවෙන් එවන ලද කාබනික පොහොර සාම්පල මෙරට භාවිතා කිරීමට සුදුසු බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එම කාබනික පොහොර භාවිතය සඳහා ජාතික පැළෑටි නිරෝධායන සේවාව විසින් අනුමැතිය ලබා දුන් බවද ඔහු පාර්ලිමේන්තුවාදී සඳහන් කළේය.

ඒ අනුව ඉන්දියාවෙන් පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බව ද කී අමාත්‍යවරයා ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ආනයනය කරන බවද පැවසීය.

ඔක්තෝබර් 12 වැනිදා මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here