ඉන්දියාවෙි රෝහලක ගින්නකින් බිළිඳු ළමුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

0
291

ඉන්දියාවේ ළමා රෝහලක ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

BBC පුවත් සේවය සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ, බෝපාල් නගරයේ පිහිටි එම රෝහලේ සිටි තවත් තවත් බිළිඳුන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගෙන ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙනවා.

ගින්නට හසු වීමෙන් මියගිය බිළිඳුන් සිව්දෙනා වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 04 බැගින් වන්දි මුදල් ගෙවන ලෙස එරට රජය විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here