ඉන්දියාවේදී ජැකලින්ට සිදුවූ අකරතැබ්බය

0
706

ඊයේ (5) දිනයේ දී බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්,ඉන්දියාවේ මුදල් විශුද්ධිකරණ නඩුවක බරපතල සැකකාරියක් බවට පත් විය . ඒ දිල්ලියේ තිහාර් බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකු වන පාතාල නායක සුකේෂ් චන්ද්‍රසේකර් විසින් රුපියල් කෝටි 200 ක කප්පම් ගැනීමේ නඩුවකට අදාළවයි .ජැක්ලින් පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කිරීමට ලක්වූ අතර ඇය ඒ සෑම අවස්ථාවකම සුකේෂ් හා තමා අතර විශේෂ ගනුදෙනුවක් සිදුනොවූ බවටත් ඔහුව හරිහැටි අඳුනන්නේ නැති බවත් දන්වා තිබුණි.නමුත් මෙම නඩුවේ ඇය බොරු සාක්ෂි ලබාදී ඇති බවට අද හෙළිව ඇත. 

විත්තිකරුගේ දුරකථනයේ තිබී ජැකලින් ඔහු සමඟ සමීපව අසභ්‍ය ආකාරයෙන් සිටින ආකාරය දැක්වෙන පින්තූරද හමු වීමත් ,මේ කාලය තුළ ඔහු ජැකලින්ට මිල අධික තෑගි රැසක් ද ලබා දී ඇති බවට කරුනු හෙළිදරව් වීමත් සමඟය.

ජැකලින්ට රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු සහ පර්සියානු බළලුන් හතර දෙනෙකු ද ,රුපියල් ලක්ෂ 9ක බළලෙකු තෑගි කළ බව චන්ද්‍රසේකර් ප්‍රශ්න කිරීමේදී හෙළි කර ඇත.

මේ නිසා සුකේෂ්ගේ ගනුදෙනු සම්බන්ධ ජැක්ලින් කරුණු දැනදැනත් ඔහුව ආරක්ෂාකිරීම නිසා ගැටලුවක් මතුව තිබේ. කෙසේ නමුත් , සුකේෂ් චන්ද්‍රශේකර්, ඔහුගේ බිරිඳ ලීනා මාරියා පෝල් සහ තවත් හය දෙනෙකුට එරෙහිව ED විසින් පිටු 7,000 කින් යුත් චෝදනා පත්‍රයක් ගොනු කර ඇත.

එසේ ම කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ED) ඇයට එරෙහි වාරණ නියෝගයක් ලබාගෙන තිබුණි.එම නිසා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රසංගයකට සහභාගි වීමට විදේශගත වීමට සූදානමින් සිටි මුත් අධිකරණ නියෝගය නිසා ඉරිදා සවස මුම්බායි ගුවන් තොටුපළේදී ඇයව නතර කළ අතර ඇයට රටින් පිටවයාමද අධිකරණය මගින් තහනම් කරන ලදි.

Vinodaya.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here