අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 19,740ක් වාර්තා වී ඇති අතර, එය දින 206කින් අවම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එමෙන්ම, ඊයේ දිනයේදී තවත් ඉන්දියානුවන් 248 දෙනෙකු කොරෝනා රෝගයෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව, කොරෝනාවෙන් මියගිය ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව 450,375 දක්වා ඉහළ ගියා.