ඉන්දියාවේ නිරෝධායන නීති වෙනස් වෙයි

0
324

විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 7 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

8වන දිනයේ සිදුකෙරෙන කොවිඩ් පරීක්ෂණයෙන් ආසාදිත බවට තහවුරු වුවහොත් නිරෝධායන ක්‍රියාවලියට යොමු කෙරෙන බව කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති නව තීරණ ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය රජය දැනුම් දී ඇත.

ලබන 11 වන අඟහරුවාදා දිනයේ සිට මෙම නව තීරණ බලපැවැත්වෙන බවද සඳහන් වෙයි.

මේ වනවිට ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළ යමින් පවතින අතර ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 141,986 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය පෙර දිනට සාපේක්ෂව 21% ක ඉහළ යාමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here