ඉන්දියාවේ පළමු දේශිය ගුවන්යානා හාරක නෞකාව ලබන අගොස්තුවේදී කරළියට.

0
753

ඉන්දියාව සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය කළ ගුවන් යානා හාරක නෞකාව ලබන වසරේ අගොස්තු 22වනදා දියත් කිරීමට සැලසුම් කර තිබේ.

ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් සිං මුම්බායිහි පැවති සබ්මැරීනයක් දියත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

අයිඑන්එස් වික්‍රම් නම් මෙම නෞකාව ප්‍රහාරක ගුවන් යානා රැගෙනයාමේ සහ ඒවා ගුවනට නැංවීමේ පහසුකම්වලින් යුත් අතර එය ඉන්දියාව සතුවන දෙවැනි එවැනි වර්ගයේ නෞකාවයි.

දැනටමත් ඉන්දීය නාවික හමුදාව සතුව එක් ගුවන්යානා භාරක නෞකාවක් පවතින අතර එය රුසියාවේ නිෂ්පාදනය කරන ලද්දකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here