දකුණු ඉන්දියාවේ බන්ධනාගාරයක් තුළ පවත්වාගෙන යන විශේෂ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් 30 කට ආසන්න පිරිසක් පසුගිය මාසයක කාලය තුළ සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් අදාළ සිද්ධීන්වලින් කිසිදු සරණාගත රැඳවියෙකු මියගොස් නොමැති බව ද එම වාර්තා සඳහන් කළේය. තමන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් විරෝධතාවක් ද සිදුකර ඇත.
Ada Derana