Monday, September 23, 2024

ඉන්දියාව දැඩි අර්බුදයක…

කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් මේවනවිට ඉන්දියාවේ රෝහල් පද්ධතිය පාලනයෙන් ගිලිහෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඉන්දියාවේ සියලු රෝහල් පාහේ මේවනවිට රෝගීන්ගෙන් පිරී ඇති බවයි. ඒ අතරින් නවදිල්ලි අගනුවර රෝහල් 06 ක පමණ, ඔක්සිජන් සැපයුම මේවනවිට සම්පූර්ණයෙන් බිඳවැටී තිබෙනවා.

ඔක්සිජන් ලබාදෙන තෙක් රෝහල්වල පිටත පෝලිම්වල රඳවා සිටින රෝගීන් රැසක් එම ස්ථානවලම මියයන බවයි වාර්තා වන්නේ. නවදිල්ලි අගනුවර පිහිටි රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ඇඳන් සියයට 99 ක්ම රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා. කෙසේවෙතත් රෝහල්වලට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත්, ආසාදිතයින් රැසක් තවදුරටත් මියයනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර අඛණ්ඩව දෙවන දිනටත් ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 03 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ගතවු පැය 24 දී ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ 32,503 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ගතවූ පැය 24 දී ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 2,256 ක්. 

ඒ අනුව මේවනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන එක් කෝටි හැට දෙලක්ෂයකට අධිකයි.  එමෙන්ම මියගිය අය ආදාහනය සදහා පැය 24 පුරාම ආදාහනාගාර ක්‍රියාත්මක නිසා එසේ නොහැකි වන අයට දර නිවෙසින් රැගෙන එන ලෙසත් බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles