Sunday, September 22, 2024

ඉන්දියාව පෝර්ට් සිටිය ගැන අවධානයෙන්…

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හා ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින බව ඉන්දියාව පවසයි.

හින්දු පුවත් පත මේ බව අණාවරණ කළේ , නවදිල්ලි බලධාරීන් උපුටා දක්වමිනි.

පෝට් සිටි ව්‍යාපෘතියේ නීතිමය කරුණු පිළිබඳව පැහැදිලි කරමින් රජය අවධාරණය කළේ මෙය පූර්ණ ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් බවයි.

රජය විසින් ජාත්‍යන්තර ආයෝජකයින්ට එහි ආයෝජන සඳහා ආරාධනාවක් ද කරනු ලැබී ය.

ඉන්දීය බලධාරින් හින්දු පුවත්පතට පවසා ඇත්තේ මෙය වාණිජ ව්‍යාපෘතියක් පමණක් නම් එය ශ්‍රි ලංකාවේ තේරීමක් වන බවයි.

තම ජාතික අභිලාෂයන්ට අනුව ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බව නවදිල්ලි බලධාරින් හින්දු පුවත්පතට පවසා තිබේ.

නම් හෙළිදරව් නොකළ ඉන්දීය බලධාරියෙකු හින්දු පුවත්පතට පවසා ඇත්තේ කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට සහ ජාත්‍යන්තර සම්මුතියන්ට ගරු කළ යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles