ඉන්දියාවට විරුද්ධව ශ්‍රී ලංකා මුහුදේ ප්‍රබල විරෝධතාවයක්….

0
354

ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍යයින් ඇල්ලීම නවතාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් අද විරෝධතාවයක නිරත වනවා.

මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු 100ක් පමණ යොදාගනිමින් එම විරෝධතාවය පැවැත්වීමට උතුරු පළාතේ ධීවරයින් කටයුතු කර තිබුණා.

ඉන්දීය ධීවරයින් සිදුකරන මත්ස්‍ය ජාවාරම නවතාදමන ලෙසට හා ඉන්දීය ධීවරයින් මෙරට ධීවරයින්ට සිදුකරන පහරදීම් හා දැල්වලට හානි කිරීම්වලට විරුද්ධව විරෝධතාවය සංවිධානය කර තිබුණා.

වසර ගණනාවක සිට පවතින ඉන්දීය ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් උතුරු පළාතේ ධීවරයින් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවද විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here