ඉන්දීය අගමැතිගේ ට්විටර් ගිණුමට හැකර් ප්‍රහාරයක්

0
333

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුම හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

අද (12) අලුයම එහි ව්‍යාජ පුවතක් පළ කරමින් සඳහන් කර ඇත්තේ ඉන්දියාව බිට්කොයින් මුදල් එරට නීත්‍යානුකූල විනිමයක් ලෙස පිළිගන්නා බවයි.

එමෙන්ම නිල වශයෙන් ලබාගත් බිට්කොයින් රටේ සියලුම පුරවැසියන් අතර බෙදා දීමට අදහස් කරන බව ද එහි සඳහන්ව තිබිණ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ පාලනයෙන් ගිලිහී තිබූ කාලය තුළ නිකුත් කර ඇති ට්විටර් පණිවිඩ නොසලකා හරින ලෙසයි.

කෙසේ වෙතත් එම හැකර් ප්‍රහාරය එල්ල වීමෙන් පසු, මේවන විට මෝදිගේ නිල ට්විටර් ගිණුම යළි යථා තත්ත්වයට පත්කර ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල කාර්යමණ්ඩලය පවසා සිටියේ.

ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත්කළ පසු මෙම සිදුවීම සම්බන්ධනේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් ගිණුමට විශේෂ පණිවුඩයක් එක්කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here