ඉන්දීය අගමැති මෝදි මාර්තු මස ලංකාවට

0
250

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය සඳහාවූ බෙංගාලබොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවීමට ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණීමට නියමිත බව පැවසේ.

ඊට පෙර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාද ලංකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර ඇත බව පැවසේ.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාවේ කළ සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හා පැවැති හමුවේදීද මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.

මේ වනවිට ඉන්දීය ධීවර ප්‍රශ්නය මුල්කරගෙන උතුරේ විරෝධතා රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයක්ද දැකිය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here