Sunday, January 12, 2025

ඉන්දීය අගමැති සහ ජනාධිපති ගෝඨාභය අතර හමුවක්

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් සිදු වී තිබෙනවා.

එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ග්ලාස්ගෝ නුවර දී හමුවීම සතුට දනවන්නක් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25,000ක් පමණ ග්ලාස්ගෝ සමුළුවට එක්ව සිටිනවා.

එය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කළේ වසර 2070 වන විට කාබන් ශූන්‍යත්වය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වය ළගා කර ගන්නා බවට ප්‍රතිඥා දුන් අතර චීනය කාබන් ශූන්‍යත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ 2060 වසරේදියි.

ශ්‍රී ලංකාව වසර 2050 වන විට එම ඉලක්කය සපුරා ගැනීමට සැලසුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ග්ලාස්ගෝ සමුළුවේදී ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles