ඉන්දීය ආරක්ෂක ප්‍රධානියා හා පවුලේ සාමාජිකයන් ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටේ

0
365

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී යුධ හමුදාවට අයත් Mi-17V5 මාදිලියේ හෙලිකොප්ටරයක් කඩා වැටී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රාවටි, ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිපදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බවය.

එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත්, ඉන් 9දෙනෙකු මගීන් වන අතර 5 දෙනෙකු කාර්යමණ්ඩල සමාජිකයන් වෙයි. එයින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තිදෙනෙකු බේරාගෙන රෝහල වෙත යොමුකර තිබේ. එම අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එරට හමුදා බලධාරීන්ට නියෝග කර තිබේ.

නමුත් එම යානයේ කිදෙනෙකු සිටියාද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු වී නොමැත.

එම අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එරට හමුදා බලධාරීන්ට නියෝග කර තිබේ.

මෙම පිරිස ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඵස-17 ඪ5 වර්ගයේ හොලිකොප්ටරයක ගමන් කර ඇති බවද එරට ආරක්ෂක අංශ පවසයි.

63 හැවරිදි වියේ පසුවූ ජෙනරාල් රාවට් පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන අතර ඔහු 2019 වර්ෂයේදී එම තනතුරට පත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here