Monday, September 23, 2024

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ඊයේ ජීවිතක්ෂයට පත්වූ ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු හෙට(10)දින සිදුකිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු 14 දෙනෙකු ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය ඊයේ මෙලෙස අනතුරට ලක් වූ අතර, එම අනතුරෙන් දිවි බේරා ගැනීමට හැකි වූයේ වරාන් සිං නැමති ඉන්දීය ගුවන් හමුදා ගෲප් කපිතාන්වරයාට පමණයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොවපුරා රටවල් රැසක් ශෝකය පළ කර ඇති අතර, අනතුර පිළිබදව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක කර තිබේ.

ඉන්දීය යුද ගුවන් සහ නාවික හමුදා සියල්ලෙහි නායකත්වය පවරා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයක් ස්ථාපිත කෙරුණේ 2019 වසරේ දීයි.

එලෙස ස්ථාපිත කෙරූ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි 63 හැවිරිදි ජෙනරාල් බිපින් රාවත් මහතා සැලකෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles