ඉන්දීය ක්‍රිකට් විචාරකයෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විවෙිචනය කරයි

0
334

ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට දස්කම් දක්වන්නට නොහැකි වීම මත ඔවුන් ආධුනික ක්‍රීඩකයින්ගේ මට්ටමකට ඇද වැටුනා.

මේ නිසා ඉන්දීය ක්‍රිකට් විචාරකයෙක් වූ ආකාෂ් චොප්රා විසිනි ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේ යෙදෙන ආකාරය හා සමස්ත ක්‍රීඩා විලාශයම ඉන්දීය දේශීය පිටියේ ප්‍රමුඛතම තරඟාවලිය ක්‍රීඩා කරන කණ්ඩායමකට ආදේශ කර තිබුණා .

තවද ආකාෂ් චොප්රා තරඟයේ පළමු දිනය විශ්ලේෂණය කිරීමෙන් පසු ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ ඔස්සේ වීඩියෝවක් පල කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ ක්‍රීඩා විලාසය දැඩි ලෙස විවේචනය කරා.

ඒ ඔස්සේ තවදුරටත් අදහස් දක්වන ඔහු කියා සිටියේ ඔහු,

“ශ්‍රී ලංකා කණ්ඩායමේ නම මොකක්ද? ශ්‍රී ලංකාවේ දක්‍ෂතා දුර්වලයි. තනි තනිව නම් දැකීමට ලස්සනයි නමුත් කණ්ඩායමක් විදියට නම් ගොඩක් අසාර්ථකයි. ශ්‍රී ලංකාව රංජි කුසලානය ක්‍රීඩා කරන මට්ටමින් තරග වදින්නේ.”

“අපි දන්නවා තුවාල තිබුණා. ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, පැතුම් නිශ්ශංක කවුරුත් නෑ. කණ්ඩායම සංක්රමණය වෙමින් පවතී; ඒකත් හරි. නමුත් පන්දු යැවීමේ ගුණාත්මක භාවය මෙයද? මට පන්දු යැවීම භයානකයි,” යනුවෙන් කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here