Friday, September 20, 2024

ඉන්දීය කොංග්‍රසයේ පවුල් පාලනය අවසන් වෙයි. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණ ජය පාලක භාරතීය ජනතා පක්ෂයට!

ලොව විශාලතම ප්‍රාදේශීය මැතිවරණය වන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට පාලක භාරතීය ජනතා පක්ෂය සමත් වුණා. මෙවර මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රාකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 150 ක්. ප්‍රාන්ත සභාවේ ආසන 400 ක් තෝරා පත්කරගැනීම සඳහා අපේක්ෂකයින් තරඟ වැදුණා.

ඒ අතරින් ආසන 274 කම බලය හිමිකරගෙන ඇත්තේ භාරතීය ජනතා පක්ෂයයි. සමාජවාදී පක්ෂයට ආසන 124 ක් හිමිව තිබෙනවා. කෙසේවෙතත් උත්තර් ප්‍රදේශ් ප්‍රානතයේ අවසන් වරට පැවැති මැතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත්තේ අඩු ඡන්ද සංඛ්‍යාවක් වීම විශේෂත්වයක්.

ප්‍රාන්ත මැතිවරණ පැවැත්වූයේ උත්තර් ප්‍රදේශ්, පන්ජාබ්, උත්තර්කාන්ද්, මනිපූර් සහ ගෝව යන ප්‍රාන්තවලය. උත්තර ප්‍රදේශ් ඇතුළු එම ප්‍රාන්තවල මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තේය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ලද ජයග්‍රහණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය මැන බැලීමක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව නරේන්ද්‍ර මෝදිට තවත් ධූර කාලයක් සදහා ඉන්දියාවේ බලය ලබා ගැනීමට හැකි වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

උත්තර ප්‍රදේශ් යනු ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂය මෙහෙයවීම කළේ රාහුල් ගාන්ධි සහ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා ය.

පන්ජාබ් ප්‍රාන්තය ‘කොංග්‍රස්’ පක්ෂය සතුව පැවැතියත්, මෙවර මැතිවරණයේදී, කොංග්‍රසයට බලය අහිමි විය. මැතිවරණය ජයග්‍රහණය කළේ දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂයයි. උත්තරකාන්ද්, මනිපූර් සහ ගෝව යනක ප්‍රාන්තවල බලය තහවුරු කර ගැනීමට කොංග්‍රස් පක්ෂය උත්සාහ කළත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හමුවේ එම උත්සාහය ව්‍යර්ථ වූ බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී ගොස් තිබේ.

කෙසේවෙතත් මෙවර ප්‍රාන්ත මැතිවරණවලදී ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රබල පසුබෑමක් වාර්තා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිට සහ ප්‍රියංකා ගාන්ධිට චෝදනා එල්ල වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෝනියා, රාහුල් සහ ප්‍රියංකා කොංග්‍රස් පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ බව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇත. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය ලෙස සැලකෙන්නේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයයි.

පක්ෂයේ තමන්ට හිමි තනතුරුවලින් වහාම ඉල්ලා අස්වීමට සෝනියා, රාහුල් සහ ප්‍රියංකා තීරණය කළේ පසුගිය දා නිමාවට පත්වුණු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අනුව කොංග්‍රස් පක්ෂය ප්‍රබල ලෙස පරාජය වීම හේතුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles