ඉන්දීය ගුවන් යානයක් අතුරුදහන්…

0
690

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අතුරුදන්ව තිබේ.

බෙංගාල බොක්ක ආසන්න මුහුදු ප්‍රදේශයේ දී එම යානය අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අද උදෑසන 8.30ට චෙන්නායි නගරයෙන් ගමන් ආරම්භ කළ ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන් යානය පෙරවරු 11.30ට අන්දමන් දූපත්හි ගොඩබෑමට නියමිතව තිබූ බව සඳහන්ය.

යානය අතුරුදන් වන අවස්ථාවේ එහි පුද්ගලයන් 29 දෙනෙකු සිට ඇති බව ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

ඉන්දීය ගුවන් හමුදාව, නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් අතුරුදන් වූ යානය සෙවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here