ඉන්දීය ජනරජ දිනය අද

0
609

ඉන්දියාවේ 73 වන ජනරජ දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් වන ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ නවදිල්ලි අගනුවරදීයි.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඩොමිනියන් තත්වයේ නිදහසක් ලත් ඉන්දියාව 1950 වසරේ ජනවාරි මස 26 වැනිදා පූර්ණ ස්වරාජ්‍ය තත්වය හෙවත් පූර්ණ නිදහස ප්‍රකාශයට පත් කරන ලදි.

එතෙක් ක්‍රියාත්මක වූ ඉන්දීය රාජ්‍ය පණත වෙනුවට ඉන්දීය ව්‍යවස්ථා විශේෂඥයකු වූ බී.ආර්.අම්බෙඩ්කාර් මහතා විසින් සකස් කරන ලද ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කෙරිණි. එමඟින් බ්‍රිතාන්‍ය කිරීටයේ රාජ්‍ය නායකත්වය නිමා වූ අතර රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා නිදහස් ඉන්දියාවේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස පත් විය.

සිවිල් වැසියන් වෙනුවෙන් ඉන්දියාව පිරිනමන ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය සිවිල් වැසියන් කිහිප දෙනෙකුට පිරි නැමීමද අද සිදුවනවා.

පසුගිය වසරේදී හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගිය ඉන්දිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවත් සහ එන්නත් නිෂ්පාදකයන් ඇතුලු පිරිසක් මෙවර එම සම්මානයෙන් පිදුම් ලබනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here