ඉන්දීය ණය ආධාර යටතේ වන පළමු ඩීසල් තොගය අද රාත්‍රියේ පැමිණෙයි

0
336

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ඩීසල් තොගය රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

ඩීසල් මෙට්‍රික් ටොන් 35,000 ක් එමඟින් රැගෙන එන අතර, ඉන් මෙට්‍රික් ටොන් 20,000 ක් කොළොන්නාව නිමාව වෙත සහ ඉතිරි මෙට්‍රික් ටොන් 15,000 මුතුරාජවෙලට ගොඩබෑමට කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව් ද සොයිසා කියා සිටියේ.

ඒ අනුව පළමුව කොළොන්නාවට ගොඩබාන ඩීසල් තොග දුම්රිය මාර්ගයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත බෙදාහැරීම සිදුකරන බවද සභාපතිවරයා සඳහන් කළා.

පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට සංස්ථාව සතුව පවතින අතර, ඉදිරියේදී තවත් නෞකා කිහිපයකින් ඩීසල් සහ පෙට්‍රල් දිවයිනට රැගෙන ඒමටද නියමිතව තිබෙනවා.

තවත් දින දෙකක පමණ කාලයකින් පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් පහව යනු ඇති බවටද සංස්ථාව විශ්වාසය පළ කරනවා.

Hiru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here