ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුද තහනම් – ධීවර ඇමැති

0
586

ඉන්දීය ධිවරයින්ට උතුරු මුහුදු සීමාවේ කිසිම කටයුත්තක් කිරීම සඳහා අවසරයක් ලබා නොදෙන බව ධීවර ඇමති මහින්ද අමරවීම මහතා සඳහන් කරනවා. රජය හා ධීවර සමිති කීපයක් විසින් වසරක දින 75ක කාලයන් ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට අවසර ලබ දී ඇති කතාව බොරුවක් බවයි එම මහතා පවසා ඇත්තේ.

උතුරු මුහුදු සීමාව උල්ලංඝනය කර ඇති ධීවරයින් 4ක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරමට දකුණු දෙසින් ඇති මුහුදු සීමාවේදී එම ධීවරයින් හා යාත්‍රාවක් නාවික හමුදාව හා වෙරළාරක්ෂක බලකාය එක්ව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. එම පිරිස හා යාත්‍රාව ඉදිරි කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්‍යාලය වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here