ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයන් 8 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
කලෙයිමන්නාරමට උතුරින් වු මුහුදු සීමාවේ සිදුකරන ලද මෙහෙයුම් මගින් මෙම පිරිස අත්අඩගුවට ගෙන ඇත.
මෙම වසරේ පෙබරවාරි මස පමණක් මෙසේ මෙරටට නිතිවිරෝධී ලෙස ධීවර කටයුතු සදහා ඇතුලු ව අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් ගණන 59කි, එසේම ඉන්දීය ධීවර යාත්‍රා 09ක්ද අත්අඩංගුවට ගෙන ඇත.