ඉන්දීය මහකොමසාරිස්වරයා හා කථානායකවරයා අතර හමුවක්

0
293

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (01) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

එහිදී පවතින කොවිඩ් තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකිවීම පිළිබදව මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා රජයට සිය ප්‍රශංසාව පළ කළේය. තවද ඉන්දීය රජය නිරතුරුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබදව කථානායකවරයා ස්තූතිය පළ කළ අතර ද්වීපාර්ශවීය සබදතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබදව ද සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here