ඉන්දීය විදේශ ලේකම් දිවයිනට… ත්‍රිකුණාමලයටත් යයි

0
298

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ  ඇත‍.  විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ගේ ආරාධනයෙනුයි ඔහු මෙලෙස පැමිණ ඇත්තේ.

මෙම සංචාරය දෙරට අතර පවතිනා දීර්ඝ කාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.  ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ද හමුවීමට නියමිතය.

ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ දී, මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනයේ ද සංචාරය කිරීමට අපේක්ෂා කරනවා.

ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා ඉන්දීය විදේශ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here