Wednesday, January 15, 2025

ඉන්දුනීසියාවේ නව අගනුවර ලෙස ‘නුසැන්ටරා’ නම් කෙරේ

ඉන්දුනීසියාව සිය රටේ නව අගනුවර ලෙස ‘නුසැන්ටරා’ නගරය නම්කර තිබේ. ‘දූපත් සමුහය’ යන අර්ථය ගෙනදෙන ‘නුසැන්ටරා’ නගරය ඉන්දුනීසියාවට අයත් බෝර්නියෝ දුපතෙහි පිහිටි නැගෙනහිර කලීමන්ටාන් පළාතේ ඉදිකෙරෙන බව ඉන්දුනීසියානු රජය විසින් නිවේදනය කර තිබේ.

වර්තමාන අගනගරය වන “ජාකර්තා” නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණා.

බෝර්නියෝ නම් දූපතෙහි නව අගනගරය ස්ථාපනය කර ඇති අතර එය සංවර්ධනය කිරීම 2019 වසරේදී ඇරඹුවා.

භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවස න අතර එහි ජනගහනය මිලියන 10ක් වෙි.

ඉන්දුනීසියාවේ වත්මන් අගනුවර වන ජකර්තා නගරයේ පවතින තදබදය, පරිසර දුෂණය හා ගිලාබැසීම ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් මෙසේ නව අගනගරයක් නම්කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. 2019 වසරේදී නව අගනගරය ජකර්තා නගරය පිහිටි බෝර්නියෝ දුපතෙන් කිලෝ මීටර් 1300ක් ඇතින් ඉදිකිරීමට යෝජනා වී තිබූ අතර පාරිසරික හේතුන් මත එම අදහස වෙනස් කිරීමට බලධාරීහු තීරණය කර තිබේ. ‘නුසැන්ටරා’ නගරය ඉදිකෙරෙන නැගෙනහිර කලිමන්ටාන් පළාත කැලැ බහුල ඔරන්ඔටන් සතුන් අධිකව වාසය කරන පළාතක් වන අතර එහි ජනගහනය මිලියන 3.7ක් බව වාර්තා වේ. නව අගනගරය ඉදිකිරීමේ කටයුත්ත සඳහා ඉන්දුනීසියානු රුපයා ටි‍්‍රලියන 466ක් වැය වන බව ඇස්තමේන්තු කර තිබේ .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles