ඉන්දු පැසිෆික් රාජ්‍ය නායක හමුව වොෂින්ටන් වලදී සාර්ථකව අවසන් වෙයි

0
292

ඉන්දු පැසිෆ් කලාපීය රාජ්‍ය නායක හමුව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී සාර්ථකව අවසන් වුණා.

ඇමෙරිකා,  ඉන්දියා,  ජපාන සහ ඕස්ට්‍රේලියා රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් හමුව පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දු පැසිෆ් කලාපීය රාජ්‍ය නායක හමුවේ දී කොරෝනා මර්දන එන්නත්කරණය සහ බලශක්ති ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවුණා. පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේ දී සාමාජික රටවල එකමුතුව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනය සමග පවතින තරගකාරීත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වාර්ෂිකව මෙම හමුව පැවැත්වීමට ඇමෙරිකානු,  ඉන්දියානු,  ජපාන සහ ඕස්ට්‍රේලියානු රාජ්‍ය නායකයින් එකගවී තිබෙනවා.

ITN NEWS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here