Friday, September 20, 2024

ඉන්ධන අර්බුදය දුම්රිය ධාවනයට බලපෑමක් වන්නේ නෑ

ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන තවත් ඇත්තේ දින 3කට පමණක් බව දුම්රිය එන්ජින් රියැදුරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවැසීය.

පවතින අර්බුදයත් සමග දුම්රිය ධාවනය සීමා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇතැයිද හෙතෙම කීවේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික දොඩම්ගොඩ මහතා,

ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් ලබාදීම විධිමත්ව සිදුවෙලා නැති නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට තෙල් ලබා ගැනීම ප‍්‍රමාද වී තිබෙනවා. ඒ අනුව දුම්රිය ධාවනයට තෙල් ඉතුරු වෙලා තියෙන්නේ තවත් දවස් දෙක තුනකට විතරයි. දුම්රිය ධාවනය කිරීම යම් සීමාවකට යන්න වේවි. එහෙම නැතිවුණොත් සමස්ත දුම්රිය ධාවනයම එකවර ඇනහිටීවි. මේ ගැන දුම්රිය බලධාරීන් අවධානය යොමු කළ යුතුයි.

මේ දක්වා කිසිදු අඩුවකින් තොරව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තවට කොළොන්නාව නිමාවෙන් ඉන්ධන තොග ලැබෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන ඒ.ඩි.පී.සෙනෙවිරත්න මහතා පවසයි. ඉන්ධන හිගවීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම් හෝ සිමා කිරිම් සිදුවන බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ නිකුත් කර තිබෙ. එහෙත් මේ දක්වා කිසිදු දුම්රියක් අවලංගු කර නොමැති බව හෙතෙම කියයි.

එමෙන්ම දුම්රිය කාලසටහන් අඩු කර ඇති බව සඳහන් කරමින් පලවන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද කිසිදු දුම්රිය ගමනක් සීමා කර හෝ නතර කර නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles