ඉන්ධන අවසන්. කැලණිතිස්ස බලාගාරය අක්‍රියවෙනවා. අද සිට පැය එක හමාරක විදුලි කප්පාදුව අනිවාර්යයි

0
276

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ අද පස්වරු 05.00 වන විටි ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක‍්‍රිය කරවීමට සිදුවන බවයි.

ඒ අනුව කැළණිතිස්ස සංකීර්ණය විදුලි බල පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බව පවසන ඒ මහතා ඒ හේතුවෙන් අද දිනයේ සිටම පැය එක හමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බව අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here