Saturday, January 18, 2025

ඉන්ධන ඒකාධිකාරය දෙද්දී ඉන්දියාවට විදුලි ඒකාධිකාරය ඇමරිකාවට ලැබෙන ලකුණු !


ඉන්ධන ඒකාධිකාරය ඉන්දියන් ඔයිල් සමාගමටත් විදුලිය ඒකාධිකාරය ඇමරිකන් නිව් ෆෝට‍්‍රස් සමාගමටත් නුදුරේදීම හිමි විය හැකි බව තෙල්, වරාය, විදුලිය ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය.මේ වනවිට සිපෙට්කො ඉන්ධන හල්වල ඉන්ධන පෝලිම් තිබුණත්, ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනහල්වල පොලිමක් නොමැති බවත් ඔහු කීය.

එමෙන්ම එම හල්වලින් ඉන්ධන අවශ්‍ය තරම් වැඩි කළ මිලට ලබාගත හැකි බවද ඔහු කීය. ජනතාව ද සිපෙට්කො ඉන්ධන හල්වල සිට ඉන්දියන් ඔයිල් හල්වලින් ඉන්ධන ගැනීමට කටයුතු කිරීමත් සමගම මෙරට බලධාරීන් සිපෙට්කො හල්වලට ඉන්ධන සැපයුම අඩුකරන බවත් ඔහු කීය.

මේ නිසා සිපෙට්කො සතුව තිබූ ඉන්ධන බෙදා හැරීමේ බලය ඉන්දියන් ඔයිල් සමාගමට නතුවන බවත් මේ ආකාරයෙන් විදුලි සැපයුම ද වැඩි දිනක් යෑමට පෙර ඇමරිකන් නිව් ෆෝට‍්‍රස් සමාගම බත්තලක් සහිත නැවක් මෙරටට ගෙන්වා එල්. එන්. ජී. මගින් විදුලිය ලබාදීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කීය. ඒ හරහා විදුලි ඒකාධිකාරය ද එම සමාගමට හිමිවන බවත් ඔහු කීය. රටේ විදුලිය අවශ්‍යතාවය වන මෙගාවොට් 2700 ක සම්පූර්ණ ප‍්‍රමාණය ද ඇමරිකන් එල්. එන්. ජී නැවකින් ලබාදීමට හැකි තාක්‍ෂණය ඔවුන් සතුව පවතින බවත් ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා – දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles