ඉන්ධන ගන්නවත් ඩොලර් නෑ – ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500 ක් ඉන්දියාවෙන් ඉල්ලයි

0
291

ශ‍්‍රී ලංකාවට තෙල් සැපයීම සඳහා සහන සැලැස්මක් ලබා දෙන ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය උසස් තාක්ෂණ අමාත්‍යවරයා වෙතිනි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැති මෙම හමුවේදී ඔහු විසින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් සිටින අභියෝග සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා පැහැදිලි කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

මේ අතර ඉන්දීය රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය සැලැස්මක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.

ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම ණය සැලැස්ම ලබා ගැනීම රජයේ අපේක්ෂාව වන අතර දැනටමත් ඒ සම්බන්ධයෙන් හෝ රාජ තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙරට ඇතිව තිබෙන ඩොලර් හිගය හේතුවෙන් ඉන්ධන මිලට ගැනීමේ අර්බුදයක් පවතින අතර ඒ වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් රටවල් කිහිපයක් සමඟින් ම සාකච්ඡා කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here