ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාව ඉහළ යයි

0
310

ඉන්ධන ගැටලුව මත සීමා වී ඇති බස් ගමනාගමනය හේතුවෙන් දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාව සියයට හතළිහකින් ඉහළ ගොස් ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

දැනට ධාවනය කරනු ලබන දුම්රිය ගණනාවකට විශාල පිරිසක් අනාරක්ෂිතව, අසීරුවෙන් ගමන් කිරීම හේතුවෙන් දුම්රිය සඳහා තවත් මැදිරි එක් කිරීම පිළිබඳව ප්‍රවාහන ඇමැති සමඟ සාකච්ඡා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

මෙම ගමනාගමනය අර්බුදයට විදෙස් සංචාරකයන්ද විශාල පිරිසක් මුහුණපාන බැවින් ඔවුන්ද දුම්රියෙහි ගමන් කිරීමට යොමුව ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

පොදු ප්‍රවාහනයේ බස් සහ ත්‍රිරෝද රථ වැනි අංශ ගණනාවකම ගාස්තුද ඉහළ දමා ඇති නමුත් තවමත් දුම්රිය ගාස්තු වැඩි වී නොමැති හෙයින් මගීන් දුම්රියෙන් යෑමට පෙලඹී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here