ඉන්ධන නොලැබීමෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට දුම්රියෙන් බදුලු යන්න වෙයි

0
320

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම මස 9 වැනිදා බදුල්ලේදී සෞඛ්‍ය ජංගම සේවාවක් පවත්වනවා. කොළඹ සිට බදුල්ල දක්‌වා ඇති මේ ගමන, දුම්රියෙන් ගමන් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

ඒ, සිය නිල රථ සඳහා ප්‍රමාණවත් ඉන්ධන පහසුකම් අනුමත නොවීම නිසාවෙනි. අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට සියලු ම පරිපාලන අධ්‍යක්‍ෂවරුන්ගේ ඉන්ධන දීමනාව සීමා කර ඇත.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන අන්දමට, මෙම තත්ත්වය මත, නිලධාරීන් සිය රාජකාරි කටයුතු කිරීමේදී දැඩි දුෂ්කරතා මතුව ඇත. මේ සම්බන්ධව, සෞඛ්‍ය අමාත්‍යාංශ පරිපාලන අධ්‍යක්‍ෂවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැණුම්දිමක්ද කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here